ලෝක සවාරියක නිරත වෙමින් සිටින සංචාරකයන් 2,384 දෙනෙකු රැගත් ‘Mein Schiff 6’ සුඛෝපභෝගී මගී නෞකාව පසුගිය 19 වැනිදා හම්බන්තොට ජාත්‍යන්තර වරායට සේන්දු විය. මලයාසියාවේ සිට යාත්‍රා කර පැමිණි මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය බව එම සමාගම සඳහන් කරයි.
හම්බන්තොට වරායෙන් ගොඩබට සංචාරක පිරිස යාල, බූන්දල, උඩවලව, කතරගම සහ හම්බන්තොට අවට නගරවල සංචාරයක නිරත වූහ. මෙම සංචාරකයන් සඳහා අවශ්‍ය සේවා සහ පහසුකම් සැලසීම උදෙසා රුහුණු සංචාරක කාර්යාංශය සහ හම්බන්තොට මහ නගර සභාව එක්ව විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබිණි. සමහර සංචාරකයන් ප්‍රදේශය නැරඹීම සඳහා පාපැදි භාවිත කිරීමද කැපී පෙනුණි.
සිය හම්බන්තොට සංචාරය සාර්ථකව අවසන් කරමින් එම සංචාරක පිරිස රැගත් නෞකාව තම ඊළඟ නැවතුම්පොළ වන කොළඹ වරාය බලා යාත්‍රා කළේය.
















