“දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් මා ඔයේ ජල පහරට හසුවී පාලමේ සිරවී ඇති උණ පඳුරු සහ ගස් මුල් ඉවත් කිරීමේ කටයුතු හෙට (ජූනි 07) සිදු කිරීමට නියමිතය. නිට්ටඹුව මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු අංශය සඳහන් කරන පරිදි, මෙම කටයුතු උදෑසන 08.00 සිට පස්වරු 05.00 දක්වා සිදු කෙරේ.
එම කාලසීමාව තුළ මා ඔය පාලම හරහා සිදු කෙරෙන සියලුම රථවාහන ගමනාගමනය අත්හිටුවීමට සිදුවන බැවින්, විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියැදුරන්ගෙන් සහ මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
අදාළ විකල්ප මාර්ග සම්බන්ධයෙන් පොලිසිය විසින් ඉදිරියේදී වැඩිදුර නිවේදන නිකුත් කිරීමට නියමිත අතර, ගමන් ගන්නා රියැදුරන් එම උපදෙස් පිළිපදින ලෙස ඉල්ලා සිටිමු.
















