රුපියල් කෝටි තුනහමාරකට අධික වටිනාකමකින් යුතු මත්පෙති තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මාදම්පේ පොලිසියේ රථවාහන අංශ නිලධාරීන් අද (21) සමත් විය.
කල්පිටිය, නොරොච්චෝලේ සිට කොළඹ බලා එළවළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක සූක්ෂ්ම ලෙස සඟවා තිබූ මත්පෙති 21,600ක් පොලිස් භාරයට ගෙන තිබේ. පොලිසියට ලැබුණු රහසිගත තොරතුරකට අනුව මාර්ගයේ ගමන් කළ එළවළු ලොරි කිහිපයක් පරීක්ෂා කිරීමේදී මෙම තොගය සොයා ගැනීමට හැකි වී ඇත.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම මත්පෙති ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් බෝට්ටු මගින් මෙරටට රැගෙන එන බවයි. එක් පෙත්තක් රුපියල් 200ක පමණ මිලකට අලෙවි කරන බවත්, මෙරට මත්ද්‍රව්‍ය හිඟය හේතුවෙන් මත් වීම සඳහා මෙම පෙති වර්ග භාවිත කරන බවත් හෙළි වී තිබේ. සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.















