නවසීලන්ත කාන්තා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම ලබන මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (21) නිල වශයෙන් නිවේදනය කළේය.
දෙරටේ කාන්තා ‘ඒ’ කණ්ඩායම් අතර එක්දින තරග 3ක් සහ පන්දුවාර 20 (T20) තරග 3ක් මෙම සංචාරයට ඇතුළත් වේ. නවසීලන්ත කණ්ඩායම මැයි 07 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත අතර සියලුම තරග දඹුල්ල රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී (RDICS) පැවැත්වේ.
මැයි 12 – පළමු එක්දින තරගය
මැයි 15 – දෙවැනි එක්දින තරගය
මැයි 18 – තෙවැනි එක්දින තරගය
මැයි 21 – පළමු පන්දුවාර 20 (T20) තරගය
මැයි 23 – දෙවැනි පන්දුවාර 20 (T20) තරගය
මැයි 25 – තෙවැනි පන්දුවාර 20 (T20) තරගය















