ඓතිහාසික මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සඳහා එක්වන බැතිමතුන්ගේ ගමන් පහසුව වෙනුවෙන් ලංගම බස් රථ සහ විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කර තිබේ.
බස් රථ සේවා: මීගමුව බස් නැවතුම්පොළේ සිට ලංගම බස් රථ සේවා ඊයේ (12) සිට ක්‍රියාත්මක වන අතර, 077 105 6620 හෝ 077 084 0240 යන දුරකතන අංක ඔස්සේ මගීන්ට ආසන වෙන් කරවා ගත හැකිය.
දුම්රිය සේවා: අද දින සිට දුම්රිය සේවා ක්‍රියාත්මක වන අතර, අද රාත්‍රි 9:00ට මීගමුව දුම්රිය ස්ථානයෙන් විශේෂ දුම්රියක් මඩු දෙසට පිටත් වීමට නියමිතය.
මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අනිද්දා (අගෝස්තු 15) ආරම්භ වීමට නියමිතව ඇත.














