මීගමුව බන්ධනාගාරය තුළ ඊයේ (05) හටගත් ගැටුමෙන් මියගිය රැඳවියන්ගේ මෘතදේහ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය විසින් සිදුකරනු ලැබීය. ඒ අනුව, අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් මේ වන විට පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර, මියගිය පුද්ගලයන්ගේ ඥාතීන් ද රෝහල් පරිශ්‍රයට පැමිණ සිටින බව වාර්තා වේ.
ඊයේ දහවල් ඇති වූ මෙම ගැටුමෙන් රැඳවියන් 34 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ අතර, ඉන් දෙදෙනෙකු මියගොස් ඇත. තුවාල ලැබූවන් අතරින් බරපතළ තත්ත්වයේ සිටි දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති අතර, තවත් රැඳවියන් තිදෙනෙකු ප්‍රතිකාර ලබා දළුපොත, පල්ලන්සේන බන්ධනාගාරය වෙත මාරු කර යවා ඇතැයි වාර්තා වේ.














