මීගමුව බන්ධනාගාරය තුළ යළි ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මියගිය පිරිස අතර ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු ද සිටින බව වාර්තා වේ. මෙම ගැටුමෙන් තවත් 25කට අධික පිරිසක් තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය විසින් වෙඩි ප්‍රහාර කිහිපයක් ද එල්ල කර තිබේ.
ඊයේ (05) පස්වරු 1.00ට පමණ රිමාන්ඩ් භාරයේ සිටින රැඳවියන් පිරිසක් සහ දඬුවම් ලැබූ රැඳවියන් පිරිසක් අතර මෙම ගැටුම හටගත්තේය. එම ගැටුමෙන් ඊයේ දිනයේදී රැඳවියන් දෙදෙනෙකු මියගොස් තවත් 38 දෙනෙකු තුවාල ලැබූහ. අද (06) උදෑසන වන විට තත්ත්වය පාලනය වී තිබුණ ද, මේ වන විට යළිත් බන්ධනාගාරය තුළ නොසන්සුන් තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.














