මහඔය පොලිස් වසමේ බෝගමුයාය ප්‍රදේශයට අයත් පොල්ගස්තලාව රක්ෂිතයේදී වන අලි පහරදීමකින් 53 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය පුද්ගලයා ඊයේ (15) සවස රක්ෂිතයේ සිටි තම ගවයින් බැලීමට ගොස් නැවත නිවස බලා පැමිණෙමින් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා ඇති බව පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා උණුවතුර බුබුල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් මහඔය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන අතර, ප්‍රදේශයේ වන අලි තර්ජනය පිළිබඳව ගම්වාසීන් සිය කනස්සල්ල පළ කර සිටිති.














