රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සහ ටී-56 ගිනි අවියට භාවිතා කරන උණ්ඩ දහයක් ප්‍රවාහනය කරමින් සිටි කොල්ලුපිටිය පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මහභාගේ, හාලන්දුරුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදු කළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. සැකකරුවන් සන්තකයේ තිබී සොයාගත් මත්ද්‍රව්‍ය සහ උණ්ඩ තොගය සම්බන්ධයෙන් මේ වන විට වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
















