ගාලුමුවදොර පිටියේ පැවති 2022 අරගලයේ සත්‍ය සිදුවීම්, මතකයන් සහ එහි හරය මතු පරපුර උදෙසා සුරැකීමේ අරමුණින් “මහජන අරගලයේ මතකයන්” නමින් ප්‍රදර්ශනයක් සංවිධානය කර තිබෙනවා. එම ඓතිහාසික විරෝධතා ව්‍යාපාරය ලේඛනගත කිරීම මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණයි.
මෙම ප්‍රදර්ශනය එළඹෙන මැයි මස 9 සහ 10 යන දිනවලදී පෙ.ව. 9.30 සිට ප.ව. 5.30 දක්වා කොළඹ 07, ජේ.ඩී.ඒ. පෙරේරා ගැලරියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.














