මහර බන්ධනාගාරයේ ඊයේ (01) ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය බාහිර පාර්ශ්වයක් සිදුකරන කුමන්ත්රණයක ප්‍රතිඵලයක් බවට තොරතුරු හෙළිවී ඇති බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. මෙම බාහිර පාර්ශ්වයකගේ මැදිහත්වීම බරපතල තත්ත්වයක් බව අවධාරණය කර ඇති අමාත්‍යවරයා, එම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අංශ ගණනාවකින් මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද සඳහන් කර ඇත.මේ අතර මහර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වය අද උදෑසන වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති අතර, විශේෂ කාර්ය බලකාය බන්ධනාගාරය තුළට පිවිස රැඳවියන් අදාළ ස්ථානවලට යොමුකර තිබේ. ඊයේ ඇතිවූ මෙම කලහකාරී සිදුවීමෙන් බන්ධනාගාර රැඳවියෙකු මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, රැඳවියන් විසින් පරිපාලන ගොඩනැගිල්ල, බන්ධනාගාර මුළුතැන්ගෙය, පුනරුත්ථාපන ගොඩනැගිල්ල, ප්‍රධාන ජේලර් කාර්යාලය සහ බන්ධනාගාර රෝහල ඇතුළු දේපල රැසකට දැඩි හානි සිදු කර ගිනි තැබීම් කිහිපයක්ද සිදු කර ඇත. තත්ත්වය පාලනය කිරීම සඳහා යුද හමුදාව, ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා සහ විශේෂ කාර්ය බලකාය යොදවා තිබූ අතර, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති සජීව මැදවත්ත මහතාද අද පෙරවරුවේ මහර බන්ධනාගාරයේ තත්ත්වය නිරීක්ෂණය කළේය.














