පොළොන්නරුව ප්‍රදේශයේ සැඟවුණු නගරයක් සෙවීමේ අතිවිශාල කැනීම් ආරම්භ කර තිබේ.පොළොන්නරුවේ පැරණි නාගරීකරණය, එහි විකාශනය සහ රාජධානියේ බැඳවැටීමට බලපෑ හේතු සොයා ක්‍රියාත්මක දැවැන්ත පුරාවිද්‍යා පර්යේෂණ ව්‍යාපෘතියේ 5 වන අදියරේ කැනීම් මෙලෙස සාර්ථකව ආරම්භ කර ඇති අතර, කැලණිය විශ්වවිද්‍යාලය සහ ඕස්ට්‍රේලියාවේ ලා ට්රොප් විශ්වවිද්‍යාලය ඒකාබද්ධව මෙම ඓතිහාසික මෙහෙයුම සිදුකරයි. මෙම විශේෂ පර්යේෂණ වැඩසටහන සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, යාපනය විශ්වවිද්‍යාලය සහ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පූර්ණ සහාය ලබා දේ.
මෙම ව්‍යාපෘතියේ විශේෂත්වය වන්නේ පියවි ඇසට නොපෙනෙන සහ වනාන්තර තුළ සැඟවී ඇති පුරාවිද්‍යා ස්ථාන හඳුනා ගැනීම සඳහා ලයිඩාර් (LiDAR) සහ පොළොව යට පරීක්ෂා කළ හැකි ජීපීආර් (GPR) වැනි අතිනවීන විද්‍යාත්මක තාක්ෂණ ක්‍රමවේද භාවිත කිරීමයි. ඊට අමතරව සම්ප්‍රදායික කැනීම් මෙන්ම ඕගර් කැනීම් ක්‍රමද මෙහිදී යොදා ගැනෙන අතර, මෙම 5 වන අදියරේදී ප්‍රධාන කැනීම් ස්ථාන 2ක් කෙරෙහි අවධානය යොමු කිරීමට සැලසුම් කර ඇත. පොළොන්නරුව ඊසානදිග කලාපයේ මීට පෙර සිදුකළ ගවේෂණවලදී සෙන්ටිමීටර් 70ත් 80ත් අතර උසැති ගොඩනැගිලි 20ත් 30ත් අතර ප්‍රමාණයක් නිරීක්ෂණය වී තිබූ අතර, මේවායේ පුරාවිද්‍යා වටිනාකම හෙළිකර ගැනීම සඳහා මෙම කැනීම් සිදුකෙරේ. මෙම අතිනවීන පර්යේෂණ ඔස්සේ පොළොන්නරුව රාජධානියේ නාගරීකරණයේ සැබෑ ස්වරූපය මෙන්ම එම රාජධානිය බිඳවැටීමට හේතුවූ සාධක රැසක් හෙළිකර ගැනීමට හැකිවනු ඇති බවට විශ්වාස කෙරේ.














