27 April 2024
#දේශීය

මහරගම ශ්‍රී ප්‍රඥානන්ද මහ පිරිවෙනේ බහුකාර්ය මන්දිරයට මුල්ගල තබයි

මහරගම ශ්‍රී ප්‍රඥානන්ද මහ පිරිවෙන් විහාරස්ථානයේ, අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත දාන ශාලාව සහිත බහුකාර්ය මන්දිරයට මුල්ගල තැබීම පසුගිය 02 වනදා දින අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සිදු කරනු ලැබීය.

මෙම අවස්ථාවට විහාරාධිපති, අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහ නිකායේ අනුනායක අති පූජ්‍ය වටගෙදර විමලබුද්ධි හිමියෝ, ත්‍රිපිටක ධර්මය පිළිබඳ කොළඹ දිස්ත්‍රික්කයේ හිටපු ගුරු උපදේශක, දර්ශනපති වටගෙදර විමලසාර හිමියෝ ඇතුළු මහා සංඝරත්නය, පා.ම. යදාමිණි ගුණවර්ධන, මහරගම නාගරික මන්ත්‍රීවරු මෙන්ම දායක සභාවේ සාමාජිකයෝ හා ප්‍රදේශවාසී ජනතාව එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *