27 April 2024
#දේශීය

විදුලිය කප්පාදු කරන කාලය අවම කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

නියමිත පරිදි ඉන්ධන තොග ලැබෙමින් පැවතීම සැලකිල්ලට ගනිමින් විදුලිය කප්පාදු කරන කාලය අවම කිරීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 02 වනදා දින විදුලිබල අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මියට උපදෙස් දී ඇත.

විදුලිය කප්පාදු කරන කාලය ඉහළ යෑම හේතුවෙන් ජනතාවගේ දෛනික ජීවිතය මුහුණ පා ඇති ගැටලු අවම කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් දී තිබේ.

ඒ අනුව විදුලිය කප්පාදුව අවම කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව විදුලිබල අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය අග්‍රාමාත්‍යවරයාට විශ්වාසය පළ කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *