මහව පොලිස් වසමේ කුරුණෑගල අනුරාධපුර මාර්ගයේ කැතතෑව හන්දිය ප්‍රදේශයේදී 2026 සැප්තැම්බර් 10 වන දින සවස අනුරාධපුර දෙසට ධාවනය වූ ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මීගමුව/මීගලෑව රෝහලට අයත් ගිලන් රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.
මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ ගිලන් රථයේ රියැදුරු, සහයක සහ සෞඛ්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරිණියක් අඹන්පොළ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගල්ගමුව රෝහලට මාරු කර යවා ඇති අතර, එහිදී ගිලන් රථයේ රියැදුරු මියගොස් ඇත. මියගොස් ඇත්තේ දවුල්ලෑපෝගම ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකි.














