මෙරට රත්රං මිල ඊයේ (10) දිනට සාපේක්ෂව රුපියල් 4,000කින් පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ දත්ත පෙන්වා දෙයි.
ඒ අනුව, ඊයේ රුපියල් 347,000ක් ලෙස පැවති කැරට් 22 රන් පවුමක මිල අද (11) පෙරවරුව වන විට රුපියල් 343,200ක් දක්වා පහළ ගොස් තිබේ. මීට අමතරව, ඊයේ රුපියල් 377,000ක් වූ කැරට් 24 රන් පවුමක මිල අද වන විට රුපියල් 373,000ක් දක්වා අඩුවී ඇත.














