27 July 2024
#ක්‍රීඩා

මහින්දව අගමැති කරන්න 16 කල්ලියට බෑ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවේ ඉවත් වු 16 කණ්ඩායමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

මන්ත්‍රීවරයා කියා සිටියේ එම 16 කණ්ඩායමට වඩා මහින්ද අගමැති කිරීමේ හැකියාව ඇත්තේ රටේ ජනතාවට බවයි. එසේම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නට මහින්ද රාජපක්ෂ මහතාට නොහැකි වු අවස්ථාවක එය ඔහු විසින්ම වෙන කෙනෙකු නම් කරනු ඇති බවයි.

අප විසින් නම් කරන ලබන පුද්ගලයා මහින්ද රාජපක්ෂව අගමැති පුටුවේ අනිවාර්යෙන්ම වාඩි කරන බව හෙතෙම කියා සිටියේයය.

කෙසේ වෙතත් 16 කණ්ඩායම කියා සිටින්නේ වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ අගමැති තනතුර ලබා දෙන බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *