27 April 2024
#ක්‍රීඩා

මාව කවුරුවත් රවට්ටලා නෑ

තමාට නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ලබා දුන්නොත් ලබා ගන්නේද යන්න එය කාලය අනුව සලකා බැලිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ විදෙස් ගතව සිට මෙරටට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්ණවලට පිළිතුරු ලබා දෙමින්.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ තමන්ට නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ලබා දෙනවාද නැද්ද යන්න තමාට තවමත් නිශ්චිත වශයෙන් ප්‍රකාශ කර නොමැති බවයි.

නියෝජ්‍ය අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් වසර 03 ක පමණක් කාලයක් තිස්සේ ඔය කතාව කතාබහට ලක් වු බවත් මෙතෙක් තමාට එය නොලැබුණ බව හෙතෙම කියා සිටියේය.
තමාව කවුරුවත් රවට්ටා නැති බවත් මාතර ජනතාවට කදුලක් ඇති කරන්න තමා සුදානම් නැති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *