ආන්දෝලනාත්මක එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එළඹෙන මැයි 12 වනදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් නිල වශයෙන් ලිපියක් භාර දී තිබේ. පසුගිය සතියේදී ද මාධ්‍ය මඟින් මෙවැනි කැඳවීමක් පිළිබඳව වාර්තා කළද, ඒ වන තෙක් නිල ලිපියක් භාර දී නොතිබූ අතර අද දින (2026.05.09) එම නිවේදනය ඇතුළත් ලිපිය කාල්ටන් නිවස වෙත භාරදීමට කටයුතු කර ඇත. කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් ද දැඩි කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමක, මෙම දූෂණ විමර්ශනයට අදාළව හිටපු ජනාධිපතිවරයා කැඳවීම දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි උණුසුම් තත්ත්වයක් ඇති කිරීමට සමත්ව තිබේ.













