22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනවාට වඩා රටේ සාමාන්‍ය ජනතාව මුහුණපා සිටින දැඩි ආර්ථික හා ජීවනෝපාය ගැටලු විසඳීමට ආණ්ඩුව මුල් තැන දිය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
22 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම පිළිබඳ මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය. මිනිසුන්ට කන්න බොන්න නැතිව දුක් විඳින අවස්ථාවක එවැනි අනවශ්‍ය දේවල් ඉදිරියට ගෙන ඒම පිළිබඳව තමා පුදුම වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
















