එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරන හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා තම තානාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව රජයට නිල වශයෙන් දැනුම් දී තිබේ. ඔහුගේ තානාපති ධුර කාලය ලබන ජූලි මාසයේදී අවසන් වීමට නියමිතව තිබියදී මෙලෙස කාලයට පෙර ඉල්ලා අස්වීම දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්ව ඇත. ලැබී ඇති නවතම තොරතුරු අනුව, රජය ඔහු වෙත මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ වැදගත් වගකීමක් පැවරීමට හෝ ඔහුගේ සේවය යළිත් දේශපාලනික වශයෙන් ලබා ගැනීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. තානාපතිවරයෙකු ලෙස ජාත්‍යන්තර මට්ටමින් ඔහු ලබා ඇති අත්දැකීම් ඉදිරියේදී දේශීය දේශපාලන අභියෝග ජය ගැනීමට රජයට ප්‍රයෝජනවත් වනු ඇති බවයි දේශපාලන විචාරකයන් පවසන්නේ.














