• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විකල්ප ආණ්ඩුව ලෙස රට භාර ගැනීමට ‘මහින්ද බලවේගය’සූදානම් – විමල් කියයි

22 September 2018
in දේශීය

ඉතියෝපියාවේ මුදල් ඒකකයට සාපේක්ෂව ද රුපියල 9.2%කින් අවප‍්‍රමාණය වීමට සැලැස් වූ සිරිසේන – වික‍්‍රමසිංහ ආණ්ඩුව තම බැරිකම වටහාගෙන තොලොංචි වී යා යුතු බවත් විකල්ප ආණ්ඩුව ලෙස රට භාර ගැනීමට මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ දේශපාලන සන්ධානය සූදානම් බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (22) කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනපති නිල නිවසේ දී පැවැති සුවශේෂී මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ වීරවංශ මහතා “ අපි ණය නොගත්තත් ඩොලරය වෙනුවෙන් එක රුපියලක් වැඩිපුර ගෙවන්න සිදු වුණාම මේ රටේ ණය බර රුපියල් බිලියන 34කින් ඉහළ යනවා. එක දිනකදි ඩොලරය වෙනුවෙන් රුපියලක් වැඩිපුර ගෙවන්න වෙන තත්වයකට අද මේ ආණ්ඩුව මේ රට අසරණ කර තිබෙනවා. ඒ අනුව මේ රට දවසකට ණය බර රුපියල් බිලියන 34කින් ඉහළ යන රටක් බවට පත්ව තිබෙනවා. දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගිහින් ‘ලොරි ටෝක්’ ටිකක් දිලා. බටහිරට උවමනා දේ කරලා ඒවි. ඒ වගේ ‘කතා සාප්පුවලින්’ මේ රට බේරගන්න බැහැ. මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් ප‍්‍රමුඛ අපේ බලවේගය මේ රටේ විකල්ප ආණ්ඩුවයි. එය මේ රට භාර ගැනීමට සූදානම්. මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් 2005 මේ රට භාර ගත්තේ ලෝක ආර්ථික අර්බුදයක් වගේම රට තුළ යුද්ධයක් පවතිද්දියි. 2015 වන විට එතුමන් යුද්ධය ජයග‍්‍රහණය කරලා මේ රටේ ආර්ථික වර්ධන වේගය 7.5% දක්වා ඉහළ දැමීමට සමත් වූවා. ඒ නිසා එවැනි අත්දැකීම් තිබෙන නායකත්වයකට මේ රට භාර දී තොලොංචි වෙලා යන ලෙස මේ රටේ ජනතාවගේ නාමයෙන් අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. යැයි මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියා සිටියේය.

 

Post Views: 9
Previous Post

දීපු නිදහස නිවැරදිව බුක්ති විදින්න – ජනපති

Next Post

මුහුණ දුන් අර්බුද හමුවේ ඩොලරයේ ඉහළ යාමටත් සාර්ථකව මුහුණ දෙනවා – අගමැති

editor

editor

Next Post

මුහුණ දුන් අර්බුද හමුවේ ඩොලරයේ ඉහළ යාමටත් සාර්ථකව මුහුණ දෙනවා - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved