හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (මැයි 02) කැලණිය රජමහා විහාරස්ථානයේ පැවති විශේෂ පුණ්‍යකර්මයකට සහභාගී වූහ.
කැලණිය විහාරාධිපති ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබාගත් රාජපක්ෂ මහත්වරුන්, විහාරස්ථානයේ ආගමික වතාවත්වල නිරත වෙමින් රටට සහ ජනතාවට සෙත් ප්‍රාර්ථනා කළහ. මෙම අවස්ථාවට ප්‍රදේශවාසීන් ඇතුළු බැතිමතුන් පිරිසක් ද එක්ව සිටියහ.














