වියට්නාම සමාජවාදී ජනරජයේ ජනපති ටෝ ලාම් මහතා නිල සංචාරයක් සඳහා එළඹෙන මැයි 07 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.
සංචාරයේ විශේෂ අවස්ථාවක් ලෙස ජනපති ටෝ ලාම් මහතා මැයි 08 වනදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කරයි.මෙම ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරය හරහා ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා නව මාවතකට යොමු වනු ඇති බවට අපේක්ෂා කෙරේ.














