පොලීසිය විසින් ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම් මගින් ඊයේ (19) දිනයේදී අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් හරහා පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගෙන තිබේ. දිවයින පුරා සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණි.
ඒ අනුව ඊයේ දිනයේදී පුද්ගලයින් 26,849ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී සැකපිට පුද්ගලයින් 564ක්, අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 21ක් සහ වරෙන්තුකරුවන් 280ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. තවද, බීමතින් රිය පැදවීම යටතේ පුද්ගලයින් 112ක්, අපරික්ෂාකාරීව රිය පැදවූ පුද්ගලයින් 93ක් සහ වෙනත් රථවාහන වැරදි සඳහා රියදුරන් 4,225කට එරෙහිව නීතිමය පියවර ගැනීමටද පොලිසිය කටයුතු කර තිබේ.














