මහියංගණය පොලිස් වසමේ වියානා ඇලේ දිය නෑමට ගොස් සිටි කුඩා දරුවෙක් ඊයේ (20) දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා.
මාපාකඩවැව, මහියංගණය ප්රදේශයේ පදිංචි 7 හැවිරිදි දරුවෙක් මෙලෙස අතුරුදන් වී ඇති අතර, නිවසේ කිසිවෙකුට නොදන්වා වෙනත් අයෙකු සමඟ වියානා ඇලේ දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි. මහියංගණය පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.














