කිළිනොච්චිය, පරන්තන් ප්‍රදේශයේ මාර්ග බාධකයකදී පොලිස් නිලධාරීන්ට අල්ලස් ලබා දීමට උත්සාහ කළ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නවය මාර්ගයේ පරන්තන් ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් රථවාහන සෝදිසි කිරීමේ නිරතව සිටි අවස්ථාවේ, එම ස්ථානයෙන් වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථවල බලපත්‍රවලට අත්සන් කිරීමෙන් වැළකී සිටීම සඳහා ටිපර් රථ රියදුරන් 5 දෙනෙකු මෙලෙස අල්ලස් ලබා දීමට උත්සාහ කර ඇත. මීට අමතරව, බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක් සම්බන්ධයෙන් නීතිමය පියවර නොගන්නා ලෙස බලකරමින් තවත් පුද්ගලයෙකුද පොලිසියට අල්ලස් ලබාදීමට උත්සාහ කර තිබේ.
මුලතිව්, පලෙයි, ධර්මපුරම්, විශ්වමඩු, කිලිනොච්චි සහ පරන්තන් යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 3 බැගින් වූ ශරීර ඇප මත මුදාහැර තිබෙනවා.














