ප්‍රධාන දුම්රිය මාර්‌ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්‌තමේන්තුව පවසයි.
අඹේපුස්ස සහ අලව්ව දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් කාර්‌මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබේ.
ඒ අනුව ප්‍රධාන මාර්‌ගයේ ධාවනය වන දුම්රිය කිහිපයක ප්‍රමාදයන් ඇතිවිය හැකි අතර, දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතී.














