27 April 2024
#දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්නැයි අගමැති ඉල්ලීමක් කල බව දුමින්ද කියයි

නව වසර සඳහා සුබ පැතීම පිණිස ජනවාරි මස තෙවන දා තමන් දයාසිරි ජයසේකර , ලසන්ත අලගියවන්න යන රාජ්‍ය අමාත්‍යවරුන් සමඟ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ගිය අවස්ථාවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට පියවර ගන්නා මෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තමාගෙන් ඉල්ලා සිටි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, සූර්යබල , සුලං ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ හම්බන්තොට පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ජනාධිපති ධූරය දැරූ සියළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් නිතරගයෙන්ම ඒම පක්ෂයේ උපදේශක තනතුරු සඳහා පත්වන බව ශ්‍රී. ල.නි.ප ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පැවසූ අතර නිරන්තරයෙන්ම ඔවුන්ගේ මඟපෙන්වීම තම පක්ෂයට හිමිවන බවද පැවසීය .

යම් යම් අසීරු අවස්ථාවන්ට මුහුණු දුන්නද , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු පහසුවෙන් පාගා දැමිය හැකි හෝ නැති කර දැමිය හැකි පක්ෂයක් නොවන බව පෙන්වා දුමින්ද දිසානායක මහතා මෙතෙක් දේශපාලන ඉතිහාසය විමසා බැලීමේ දී ජනතාවට වැඩිම සහන ලබාදුන් දේශපාලන පක්ෂය බවද සිහිපත් මෙහිදී කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කිරීමට මුලු වූ බණ්ඩාරනායක ප්‍රතිපත්ති රටෙහි වත්මන් දේශපාලන තත්ත්වය සමඟ ගලපා ගනිමින් ජනතාවට සහන සැලසීම , මව්බිමට සේවය කිරීම සිය පක්ෂයේ වගකීම බවද අවධාරණය කළ දුමින්ද දිසානායක මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රට වෙනුවෙන් අවශ්‍ය මොහොතේදී ගත යුතු තීන්දු තීරණ නිවරදිව ගනු ඇති බවට මෙරට ජනතාව ව විශ්වාස කරන බවද පැවසීය.

මෙහිදී අදහස් දැක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, සූර්යබල , සුලං ජල විදුලි ජනන ව්‍යෘපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා. “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කවදාවත් පාගන්න, නැති කරන්න පුළුවන් පක්ෂයක් නෙවෙයි. අපිට යම් යම් අමාරුකම් තියෙනවා,අත්වැරදීම් සිදු වෙනවා . ඒ්ක සාමාන්‍යයයි. නරක කාලයක් පැමිණි විට සාමාන්‍යයෙන් ඒහෙමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට භාරදූර වගකීමක් තියෙනවා . මොකක්ද මේ වගකීම. ඉතිහාසය දිහා බැදලුවොත් , මේ රටේ ජනතා ජයග්‍රහණ විදිහට අදටත් ආඩම්බරයෙන් කතා කරන්න පුළුවන් සියළුම දේවල් ටික , වැඩිම ජනතා සහනාධර ලබා දීල තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන ඒක අපිට ආඩම්බරයෙන් කියන්න පුළුවන්කම තියෙනවා. බණ්ඩාරනායක මැතිතුමාගේ ඉඳන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය, මහින්ද රාජපක්ෂ මැතිතුමා , මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා , මේ සියළු දෙනා සිදුකළ හොඳ දේවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන ආණ්ඩුවක් නේද සිදු කළේ? යුධ ජයග්‍රහණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ආණ්ඩු කරද්දී ලබා ගත් ජයග්‍රහණයක් නෙවෙයිද, බණ්ඩාරනායක මැතිතනියගේ කාලය ගත්තහම , කර්මාන්ත ඇති කිරීම , බිහි කිරීම පවරා ගැනීම, ජන සතු කිරීම මේ සියල්ලම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සිදු කළ හොඳ ක්‍රියාවන් නෙවෙයිද. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වගකීමක් තියෙනවා . මොකද්ද මේ වගකීම, රට හරි පාරට ගැනීමේ දී වැරදි තීන්දුවක් ගැනෙනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඉන්නෙ ඒක්කෙනාද දෙන්නද කියන ඒක නෙවයි වටින්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කරන විට තිබුණු බණ්ඩාරනායක ප්‍රතිපත්තිත් සමඟ අද රටට ගැළපෙන පරිදි වෙනස් කරගෙන පක්ෂයට වගකීමක් තියෙනවා ඒළිපිට හරි ඇතුළේ හරි නිවරදි දේ කතා කරන්න .ඒ්ක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියම වගකීම කියල අපි ඉතාමත් ආඩම්බරයෙන් කියන්න ඔිනි. අනිත් සෑම දේශපාලන පක්ෂයක් වගේම අපේ බලාපොරොත්තුව තියන්නේ අපේම ආණ්ඩුවක් අපේම බලයක් ගේන්න. “අලුත් අවුරුද්දට අග්‍රාමාත්‍යතුමන්ට සුබ පතන්න ගියහම මහින්ද රාජපක්ස මහත්තයා කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්න මමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කියල .” ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව අනුව හිටපු ජනාධිපතිවරුන් සියළු දෙනාම නිල බලයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපදේශකයන් විදිහට පත් වෙනවා. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන රටේ ජනතාව කතා කරන්න පටන් අරන් තියෙනවා . අතීයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය දිහා බැලුවහම ජනතාවට බලාපොරොත්තුවක් තියෙනවා. අනාගතයේදීත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රට වෙනුවෙන් පෙනී සිටියි. රට වෙනුවෙන් කතා කරයි , රට වෙනුවෙන් ඒ් මහා යුතුකම ඉෂ්ට කරයි කියල.” යැයි රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *