• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තිරප්පනය ප්‍රදේශයේ බඩඉරිඟු වගාව අති සාර්ථකයි

10 December 2023
in සංවර්ධන
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනයෙන් තොරව පවත්වාගෙන යාම අරමුණයි – ජනපති

මෙවර මහ කන්නයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනය ප්‍රදේශයේ බඩඉරිඟු වගාව අති සාර්ථක බව ගොවීන් පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගිත්ව වැඩසටහන යටතේ (SAPP) දිස්ත්‍රික්ක පහක අක්කර 40,000ක බඩඉරිඟු වගා කිරීමේ ව්‍යාපෘතියක් මෙවර මහ කන්නයේ දී ආරම්භ කෙරිණි.

ඒ අනුව අනුරාධපුර, හම්බන්තොට, බදුල්ල, මොනරාගල හා අම්පාර යන දිස්ත්‍රික්ක පහ තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.ඒ මගින් එක් අක්කරයක් වගා කිරීමට ගොවියකුට රුපියල් ලක්ෂයකට ආසන්න වටිනාකමකන් යුතු බිම් සැකසීමට මූළ්‍ය ආධාර හා වගා කටයුතු සඳහා බීජ, පොහොර නොමිලේ ලබා දීම සිදු කරනු ලබයි.ඒ අනුව ගොවීන් 40 000 ක් මෙම ව්‍යාපෘතියේ ප්‍රථිලාභීන් ලෙස තෝරා ගෙන ඇත.

එම ව්‍යාපෘතිය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ ඉල්ලීමකට අනුව කෘෂිකර්ම අමාත්‍යය මහින්ද අමරවීර මහතා විසින් වැඩිම බඩඉරඟු වගාවක් සිදු කරන අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර 20 000 ක් සඳහා ගොවීන් 20000 ක් මෙම ව්‍යාපෘතියට තෝරා ගෙන ඇත.

මෙම වසරේ ගතවූ කාලය තුළ මෙරට සත්ව ආහාර සකස් කිරීමට අවශ්‍ය බඩඉරිඟු නොමැති වීමෙන් කිරි, බිත්තර හා කුකුළුමස් නිෂ්පාදනයද පහත බැස තිබෙනවා. සත්ව ආහාර සඳහා අවශ්‍ය බඩඉරිඟු දේශීය වශයෙන් නිෂ්පාදනය ඉහළ නැංවීම ඉලක්ක කර ගනිමින් මෙම කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව වැඩසටහන හඳුන්වා දී තිබෙනවා.

අක්කර 40,000ක බඩඉරිඟු වගා කිරීම සදහා අක්කරයක බිම් සැකසීම වෙනුවෙන් මූලික වියදම, බීජ මෙන්ම, යුරියා පොහොර නොමිලයේ ලබා දීමට අමතරව ඒ සඳහා අවශ්‍ය TSP (මඬ පොහොර ) සහ MOP (බණ්ඩි පොහොර ) නොමිලයේ මෙම ගොවීන්ට ලබා දීමත් මේ වන විට සිදු කර ඇත.මෙම වැඩපිළවෙළ සඳහා ලෝක බැංකුවේ IFAD හෙවත් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර් ජාතික අරමුදල මගින් ණය ආධාරයක් ලෙස මුල්‍ය ප්‍රතිපාදන ලබා දීම සිදු කර ඇත.

එම ව්‍යාපෘතිය යටතේ බඩඉරිඟු වගා කළ තිරප්පනය කණුමුල්ල ප්‍රදේශයේ බඩ ඉරඟු වගා බිම් කීපයක් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානයක මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

එහිදී ගොවීන් කියා සිටියේ දුමින්ද දිසානායක මහතාගේ මැදිහත් වීම මත ලබා දුන් මෙම ආධාරය මෙවර වගා කටයුතු සඳහා විශාල රුකුලක් වූ බවයි, මේ වන විට තම වගාවන්ද ඉතා සාර්ථක බවද, රජය මගින් ප්‍රමිතියෙන් යුතු බීජ හා පොහොර නොමිලේම ලබාදීම ඊට හේතු වූ බවද ගොවීන් පෙන්වා දුන්හ.සේනා දළඹුවා වැනි කෘමි උවදුරුද මෙවර මාස් කන්නයේ ව්‍යාප්ත නොවීම හේතුවෙන් තම වගාවන් සාර්ථක වූ බවත් එහිදී ගොවීන් පැවසීය.

බඩඉරිඟු වගාව ප්‍රචලිත කිරීමට ශක්තියක් වනවා සේම අස්වැන්න අලෙවි කිරීමේදී ඉහළ මිලක් ලබා දී ගොවි ආර්ථිකය ශක්තිමත් කරන බවට එහිදී දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන් ගොවීන්ට පොරොන්දු විය.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 49
Previous Post

සත්‍ය, සමගිය සහ සංහිඳියාව සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීමට පියවර

Next Post

දිවයින පුරා විදුලිය බිඳ වැටීම යථාතත්ත්වයට .. විදුලි පාරිභෝගිකයින්ගේ සහයෝගයට ස්තුතියි – විදුලි බල මණ්ඩලය

editor

editor

Next Post

දිවයින පුරා විදුලිය බිඳ වැටීම යථාතත්ත්වයට .. විදුලි පාරිභෝගිකයින්ගේ සහයෝගයට ස්තුතියි - විදුලි බල මණ්ඩලය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved