බන්ධනාගාරවල සිටින බහුතරයක් දෙනා මුල් ළමා විය අසාර්ථක වූ පුද්ගලයන් බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ බන්ධනාගාරගත කාන්තා රැඳවියන්ගේ වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය සඳහා සැකසූ වැඩසටහනකට එක්වෙමිනි.
නීතිය මගින් මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය නතර කළ හැකි වුවත්, ඒ සඳහා පවතින ඉල්ලුම නැවැත්වීම මුළු සමාජයේම වගකීමක් බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. රටේ අනාගත පරපුර යහමගට යොමු කිරීම සඳහා ළමා වියේ සිටම දරුවන්ගේ සංවර්ධනය සහ සමාජගත කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමේ වැදගත්කම ඔහු පෙන්වා දුන්නේය.
















