ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ මෝසමක් අද (04) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී සලකා බලන ලදී.
සුරේෂ් සලේ මහතාව විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපතිවරයා විසින් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා ඉදිරිපත් කළ මෙම ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව, ඒ සම්බන්ධයෙන් වන අධිකරණ නියෝගය එළඹෙන 10 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
















