27 April 2024
#දේශීය

මාකදුරේ මධුෂ් වෙඩි වැදී මරුට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් අද (20) අලුයම මාලිඟාවත්ත නිවාස සංකීර්ණය අසලදී වෙඩි වැදි මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියා සිටියේ මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ සඟවා තිබූ මත්ද්‍රව්‍ය කිලෝ 22ක් සොයා ගැනීම සඳහා සිදු කල සෝදිසි මෙහෙයුමක් අතර සිදුවූ වෙඩි හුවමාරුවක් සිදුව ඇති බවයි.

මාකදුරේ මධුෂ්ව එම ස්ථානයට රැගෙන ගොස් ඇත්තේ, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් බවත් එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් පොලිස් නිලධාරීන්ට වෙඩි තබා ඇත.

ඉන් අනතුරුව ඇති වූ වෙඩි හුවමාරුවෙන් මාකඳුරේ මධූෂ්ට සහ CCD නිලධාරින් දෙදෙනෙකුට තුවාල සිදුවී තිබේ. ඉන් මාකඳුරේ මධූෂ් මරණයට පත්වී තිබේ.

අනතුරුව එම ස්ථානයේ සිදුකළ සෝදිසියෙන් කෝටි 22ක් වටිනා මත්ද්‍රව්‍ය කිලෝ 22ක්, පිස්තෝල දෙකක් සහ යතුරුපැදියක් සොයාගෙන තිබේ.

වසර 1 1/2කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටි මාකඳුරේ මධුෂ් පසුගිය සිකුරාදා (ඔක්තෝබර් 16) වැඩිදුර පරික්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී ඇති අතර ඔහු විසින් ලබාදුන් තොරතුරකට අනුව කොටිකාවත්ත ප්‍රදේශයේ සඟවා තිබූ හෙරොයින් කිලෝ 10ක් සොයා ගැණුනි.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *