• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකාව ගෝලීය නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා – අගමැති මහින්ද

8 September 2020
in දේශීය

ශ්‍රී ලංකාව ගෝලීය නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා නව රජය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයට ප්‍රමුඛත්වය දී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවෙ ඊයේ (07) ඉන්දියාවේ තෙවැනි විශාලතම තොරතුරු තාක්ෂණ සමාගම වන එච්.සී.එල් (HCL) ටෙක්නොලොජීස් හි පළමු ගෝලීය බෙදාහැරීම් මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින්.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ එච්.සී.එල් ටෙක්නොලොජීස් සිය පළමු ගෝලීය බෙදාහැරීමේ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වීමට ලැබීම මහත් සතුටක් බවයි.

එය ජාතියක් වශයෙන්, එච්.සී.එල් වැනි බහුජාතික තාක්‍ෂණික දැවැන්තයෙකු පිළිගැනීමට ලැබීම අපට ගෞරවයක් බවත් මෙම මධ්‍යස්ථානය අපගේ තරුණ තරුණියන්ට ලබා දෙන අවස්ථාවන්ට ස්තූතිවන්ත වන බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

නව රජය දැනුම හා තාක්ෂණය පදනම් කර ගත් සමාජයක් ඔස්සේ ශ්‍රී ලංකාව ගෝලීය නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයට ප්‍රමුඛතාවය දී තිබෙන බව හෙතෙම පැවසිය.

අපගේ දැක්ම ශ්‍රී ලංකාව තාක්ෂණික වශයෙන් පුළුල් ඩිජිටල්කරණ ප්‍රතිපත්තියක් යටතේ ක්‍රියාත්මක කිරීම බවත් ඒ අනුව පුරවැසි කේන්ද්‍රීය ඩිජිටල්කරණය වූ රජයක් පිහිටුවීම, තොරතුරු තාක්ෂණ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම ඇතුළු තවත් බොහෝ වැඩසටහන් සඳහා නව රජය කටයුතු කරමින් සිටී බව අග්‍රාමාත්‍යවරයා අනාවරණ කළේය.

එවැනි පසුබිමක මෙවැනි මධ්‍යස්ථානයක් ආරම්භවීම විශාල වැදගත්කමක් දරන අතරම එච්.සී.එල්. ටෙක්නොලොජීස් වැනි ගෝලීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ ප්‍රමුඛයෙකු ශ්‍රී ලංකාවට සම්පතක් බවත් ශ්‍රී ලංකාව “නැවත ව්‍යාපාරයට” පැමිණ ඇති බව මුළු ලෝකයටම එය ප්‍රබල පණිවිඩයක් බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක, එච්.සී.එල්. නිර්මාතෘ ශිව් නාඩාර්, එච්.සී.එල්. සභාපති හා විධායක නිලධාරී විජයි කුමාර්, මහත්වරු හා ලොව පුරා විසිරී සිටින එච්.සී.එල්. ටෙක්නොලොජීස් හි විධායක නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Post Views: 9
Previous Post

සෞදියේ සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික ගැන විදේශ අමාත්‍යංශයේ නිවේදනයක්

Next Post

සිරගෙදරින් පාර්ලිමේන්තු ආ ප්‍රේමලාල් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

editor

editor

Next Post

සිරගෙදරින් පාර්ලිමේන්තු ආ ප්‍රේමලාල් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved