අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා මගීන් එක්ලක්ෂ පනස් පන්දහසකට (155,000) අධික පිරිසක් සිය ප්‍රවාහන සේවා සපයාගෙන ඇති බව වාර්තා වේ.
පසුගිය අප්‍රේල් 8 වැනිදා සිට ඊයේ (19) දක්වා කාලය තුළ මෙම මගීන් සංඛ්‍යාව සිය ගමන් අවශ්‍යතා සඳහා මාකුඹුර මධ්‍යස්ථානය භාවිතා කර ඇති බව එහි කළමනාකාර සහකාර නිමල් වෙත්තසිංහ මහතා ප්‍රකාශ කළේය. මගීන්ගේ පහසුව සඳහා බස් රථ 2,600කට අධික සංඛ්‍යාවක් යොදවා තිබූ අතර, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ බස්නාහිර පළාත් ප්‍රවාහන අධිකාරිය ඒකාබද්ධව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
උත්සව සමය වෙනුවෙන් පසුගිය දින කිහිපය තුළ විශේෂ කාලසටහන් අනුව බස් රථ ධාවනය කෙරුණු අතර, හෙට (21) සිට සාමාන්‍ය කාලසටහන් අනුව ධාවන කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බව ද වැඩිදුරටත් සඳහන් විය.














