දිවයින පුරා ක්‍රියාත්මක වන අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම් මගින් ඊයේ (19) දිනය තුළ පමණක් විවෘත වරෙන්තුකරුවන් 98 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි
අපරාධවලට සම්බන්ධ සැකකරුවන් කොටු කරගැනීම සඳහා සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි කොට්ඨාස මට්ටමින් මෙම වැටලීම් ක්‍රියාත්මක වේ. ඊයේ දිනයේදී පුද්ගලයන් 26,600ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර ඉන් සැකපිට පුද්ගලයන් 608 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර විවිධ අපරාධවලට සෘජුවම සම්බන්ධ බවට හඳුනාගත් පුද්ගලයන් 26 දෙනෙකු ද වන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.














