• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මැලේසියාවේ අත්දැකීම් අපට ආදර්ශයක් – පාඨලි චම්පික රණවක

2 September 2022
in Uncategorised

වසර 100කට පමණ පෙරාතුව ශ්‍රී ලංකාවේ වෘත්තීයවේදීන් මැලේසියාව වැනි රටවලට ගොස් එම රටවල් පෙළෙමින් සිටි ආර්ථික අර්බුද වලින් ගලවාගත් ආකාරය පිලිබඳ අත්දැකීම් අද දවසේ අප රට ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට යොදාගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ අද (02) දින ‘මැලේසියානු මහ කොමසාරිස් ගරු යැන් තායි ටෑන් මහතා’ හමුවී සිදුකළ සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා; “අපි කවුරුත් දන්නවා 1997 – 98 කාලේ මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, සිංගප්පූරුව ඒ කලාපයේ රටවල් ඉතාම දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. අපි වගේම ඉතින් ඒ අවස්ථාවේදී ඉතා සාර්ථක විදිහට මැලේසියාව ඒ අර්බුදයෙන් නිදහස් වුණා. මොනවද ඒ මැලේසියානු අත්දැකීම් කියන එක අපිට ලොකු ආදර්ශයක්. ඉතා කෙටි කලකින් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ රට පරිවර්තනය කරගත්ත දියුණු රටක් බවට. ඉතින් ඔහු අපිට කිව්වේ කාලයකට පෙර වෘත්තීයවේදීන් බොහෝ දෙනෙක් ලංකාවෙන් මැලේසියාවට ගියා කියලා අවුරුදු 100 කලින්. වෛද්‍යවරු හැටියට, එහෙම නැත්නම් ගණකාධිකරුවරු හැටියට ස්ටේෂන් මාස්ටර්ස්ලා හැටියට, වැවිලිකරුවෝ හැටියට. ඉතින් ඒගොල්ලෝ තමයි මුල් වෙලා තියෙන්නේ මැලේසියාව නවීකරණය කරන්න. නමුත් අද අපේ තත්වය ගැන කවුරුත් දන්නවා මුළු ලෝකෙම. ඉතින් අපි හිතනවා මැලේසියාවෙන් විශාල අත්දැකීමක් ලබාගන්න පුළුවන් අපිට වෙනසක් ඇති කරගන්න මේ අර්බුදයෙන් ගැලවෙන්න.” යැයි පාඨලි චම්පික රණවක මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 37
Previous Post

විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත වේ

Next Post

රට මේතරම් ආගධයට වගකිව යුත්තේ පස්වතාවක් අගමැති වු රනිල් බව හදුන්නෙත්ති කියයි

editor

editor

Next Post

රට මේතරම් ආගධයට වගකිව යුත්තේ පස්වතාවක් අගමැති වු රනිල් බව හදුන්නෙත්ති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved