රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර නිල හමුව අද (04) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
මාලදිවයින් ජනාධිපතිවරයා ඊයේ (03) පස්වරුවේ දිවයිනට පැමිණි අතර මෙම සංචාරය අතරතුර දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද නියමිතව තිබේ.
මෙම රාජ්‍ය සංචාරය හේතුවෙන් ඊයේ පස්වරුවේ සිට අනිද්දා (06) දක්වා කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය දැනුම් දී ඇත.
මීට අමතරව රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිඛායිල් මුරෂ්කෝ මහතා ඇතුළු නියෝජිත පිරිසක් ද තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ දිවයිනට පැමිණි බව වාර්තා වේ.














