27 April 2024
#ව්‍යාපාර

මැලිබන්, අභිමානවත් මහනුවර දළදා පෙරහැර වෙත අනුග්‍රාහකත්වය ලබා දෙයි

70 වසරක විශිෂ්ට උරුමයක් සහිත මැලිබන් සමාගම විසින් 2023 වසරේ මහනුවර දළදා පෙරහැර වෙනුවෙන් සිය අනුග්‍රාහකත්වය ලබා දෙනු ලැබිණි.

සියවස් ගණනාවක සම්ප්‍රදාය සහ උරුමය සැමරෙන මෙම ඓතිහාසික හා ගෞරවණීය උත්සවය සඳහා අනුග්‍රහකත්වය ලබා දීම හරහා දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකික ජනතාව තුළ සතුට සහ එකමුතු බව වර්ධනය කිරීම වෙනුවෙන් මැලිබන් සමාගමේ කැප වීම පෙන්නුම් කරයි.

ශ්‍රී ලාංකේය ප්‍රෞඪ ඉතිහාසය පිළිබඳ ව කියා පාන සුවිශේෂී අංගයක් වාර්ෂික මහනුවර දළදා පෙරහැර ලොව පුරා දහස් ගණනක් බැතිමතුන් ඇතුළු ජනතාවගේ ආකර්ෂණය දිනා ඇති සංස්කෘතිකාංගයකි. මෙරට වගකිවයුතු ආයතනික පුරවැසියෙකු මෙන් ම දේශීය සම්ප්‍රදායන් වෙත සිය සහයෝගය ලබා දෙන සමාගමක් ලෙස මෙවර දළදා පෙරහැර වෙත සිය අනුග්‍රාහකත්වය ලබා දීමට මැලිබන් සමාගම කටයුතු කිරීම ප්‍රශංසනීය වේ.

මැලිබන් විසින්, අගෝස්‌තු 26 සිට 30 වැනි දා දක්වා දළදා මාලිගාවේ වාහල්කඩ පරිශ්‍රයේ දී බැතිමතුන් ඇතුළු පැමිණ සිටි සැමට රසවත් මැලිබන් බිස්කට්, මැලිබන් තේ සහ මැලිබන් කිරි මෙන් ම මැලිබන් හා බැඳුණු සහෝදර සන්නාමය වන ‘ලිට්ල් ලයන්’ වෙතින් ලිට්ල් ලයන් කේක් පිරිනැමිණි.

මහනුවර දළදා පෙරහැරේ අරමුණ තීව්‍ර කරමින් ජනතාව තුළ පොදු සුහදතාව සහ ගෞරවය පිළිබඳ හැඟීම් වර්ධනය කිරීමට මෙම සංග්‍රහ කටයුතු තුළින් මැලිබන් සමාගමට හැකි වූ අතර, මෙම මැලිබන් සත්කාරය පැමිණ සිටි සැමගේ පිළිගැනීමට හා ඇගයීමට ලක් විය.

ඉහත සඳහන් දිනවල දී මහනුවර දළදා පෙරහැර ආශ්‍රිතව සාම්ප්‍රදායිකව සිදු කෙරුණු තවත් පූජනීය කටයුත්තක් වන කිරි ගවයන් සඳහා අභයදානය ලබා දීමේ අවස්ථාව සඳහා ද මැලිබන් එක් විය.

දශක 7 ක සිය ගමන් මඟේ දී ශක්තිමත් ව වර්ධනය වෙමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බිස්කට් සහ කෙටි ආහාර නිෂ්පාදකයා ලෙස සිය ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වූ මැලිබන්, වර්තමානය වන විට සිය නිෂ්පාදන මහාද්වීප 5 ක් ආවරණය කරමින් රටවල් 40 කට අධික සංඛ්‍යාවක් වෙත අපනයනය කරන බව ද පැවසිය යුතු ම කරුණකි. මැලිබන් සිය ඉතිහාසය පුරා අසම සම ගුණාත්මක භාවය රැක ගනිමින්, මෙරට සංස්කෘතික හා සාම්ප්‍රදායික අවස්ථා වෙත අඛණ්ඩව සිය සහයෝගය හා අනුග්‍රාහකත්වය ලබා දෙයි. මෙවර මහනුවර දළදා පෙරහැර සඳහා සිය අනුග්‍රාහකත්වය ලබා දීම තුළින් මැලිබන් මෙරට සාම්ප්‍රදායික උරුමයන් සුරකිමින්, ජනතාව තුළ එකමුතු කම පෝෂණය කිරීමට සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇත.

පිටපත – PR

Leave a comment

Your email address will not be published. Required fields are marked *