• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මල්වතු ඔය සහ යාන් ඔය ව්‍යාපෘතියෙන් ජාතික විදුලිබල පද්ධතියට සහ කෘෂි කර්මාන්තයට නව පනක්

11 September 2023
in සංවර්ධන

පහළ මල්වතු ඔය ජලාශයේ පාවෙන සූර්ය බල ව්‍යාපෘතිය විදේශ ආයෝජන සමඟ රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපෘතියක් ලෙස කඩිනමින් යළි ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳව රජයේ අවධානය යොමු කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි‍.

යාන් ඔය ජලාශයට සූර්ය පැනල සවි කිරීමට මෙන්ම මෙගාවොට් 100ක විදුලිය නිපදවීමට යෝජිත මල්වතු ඔය ජලාශයට සූර්ය පැනල සවි කිරීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ යෝජනාව පිළිබඳව යාන් ඔය වේල්ල ඉදිකළ චීන ආයෝජකයින් අද (11) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග සාකච්ඡා කල බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

චීන ආයෝජන කණ්ඩායම පැවසුවේ යාන් ඔය ජලාශය පාවෙන සූර්ය පැනල සවිකිරීමෙන් මෙගා සූර්ය බලශක්ති උත්පාදන වේදිකාවක් ලෙස භාවිත කොට එමගින් ජාතික විදුලිබල පද්ධතියට විදුලිය උත්පාදනය කරමින් පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය නිම කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ද උපයා ගත හැකි බවයි.

යාන්ඔය ජලාශයේ පාවෙන සූර්ය පැනල මගින් ජාතික විදුලිබල පද්ධතියට එක් කළ හැකි මෙගාවොට් 50ක විදුලිය ජනනය කෙරෙයි. මල්වතු ඔය ජලාශය වසර දෙකකින් නිම කළ පසු තවත් මෙගාවොට් 50ක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට සූර්ය පැනල සවි කිරිමේ හැකියාව ඇත. ඊට අමතරව මලවතු ඔය කුඩා ජලවිදුලි පද්ධතියෙන් මෙගාවොට් 1.6ක් ජනනය කෙරෙයි.

අනුරාධපුර සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල ඉඩම් හෙක්ටයාර 22,000 කට වාරි ජලය සපයන සහල් සහ ආර්ථික බෝග නිෂ්පාදනය නංවාලීම සඳහා අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඉඩම් වලට ජලය සපයන ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව මෙම අවස්ථාවට සහභාගී වූ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා අග්‍රාමාත්‍යවරයාට ස්තූතිය පළ කළේය.

චීන ආයෝජකයින් ගොවීන්ට සහල් සහ ආර්ථික බෝග වගා කිරීමට සහ නිෂ්පාදනයෙන් කොටසක් චීනයට අපනයනය කිරීමට සහාය වන බවට මෙහිදී පැවසීය.

Post Views: 13
Previous Post

අප රට නොගෙවා සිටින්නේ විදේශ ද්විපාර්ශවීය ණය පමණයි- මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Next Post

මාතලේ පෙරහර විථි සංචාරය කෙරේ

editor

editor

Next Post

මාතලේ පෙරහර විථි සංචාරය කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved