27 April 2024
#දේශීය

විදේශිය කාන්තාවක දුෂණය කිරීමට තැත් කල අයෙක් අත්අඩංගුවට

අතුරුගිරිය, මාලඹේ ප්‍රදේශයේ පිලිපින ජාතික කාන්තාවක පදිංචි නිවසකට අයුතු ලෙස ඇතුළු වී ස්ත්‍රි දුෂණයක් සිදු කිරීමට තැත් කල පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 08 වනදා වනදා මෙම සිද්ධිය සිදුව ඇති අතර අදාල කාන්තාව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත ඇතුළත් කිරීමේදී මේ පිළිබඳ අතුරුගිරිය පොලිසියට පැමිණි කර තිබේ. ඒ අනුව ආරම්භ කල විමර්ශනවලට අදාළව සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති ඇති සැකකරු ඊයේ (09) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.

සැකකරු ලබන 21 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එහිදී නියෝග කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *