ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සිරිමාගලෝ බණ්ඩාරනායක මාවතේදී ඊයේ (08) දහවල් සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය (Ice) ග්‍රෑම් 121ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු විශේෂ තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු මෝදර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි. මොහු කලක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූවෙකුද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
















