27 April 2024
#Uncategorised

කර්මාන්ත ආයතනයදී තියුණු ආයුධයකින් පහර දී අයෙකු මරුට

වැලිගම ප්‍රදේශයේදී කර්මාන්ත ආයතනයක් තුළදී අද (15) පෙරවරුවේ පුද්ගලයෙකුව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 38 ක් වු බණ්ඩාරවත්ත, දෙනිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරිරය මහේස්ත්‍රාත් පරික්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය සඳහා වලාන දිසා රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර තිබේ.

ඝාතනය සම්බන්ධ සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වැඩිදුර විමර්ශනය පවත්වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *