27 April 2024
#දේශීය

සියලුම ආගමික සිද්ධස්ථානවලට අනිවාර්ය සහනාධාරයක් දිය යුතුයි -මන්ත්‍රී ප්‍රදීප්

රජයේ මතය වියයුත්තේ ආගමික සිද්ධස්ථානවලට යම්කිසි සහනදායි වැඩපිළිවෙළක් ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් පල කල ප්‍රදිප් උඳුගොඩ මන්ත්‍රීවරයා “රටක් හැටියට රටේ ජනතාව ඉතාමත් අසිරු කාලසීමාවක තමයි අද ජිවත් වෙන්නේ. ඒ වගේම තමයි පසුගිය කාල සීමාව තුළ පැවති වතාවරණයත් සමඟම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජනාධිපතිතුමත්, අග්‍රාමාත්‍යතුමත්, කැබිනට් මණ්ඩලයත් අපි තනතුරුවලින් ඉවත් වෙලා ඒ අවස්ථාවේ ජනතාව ඉල්ලා සිටපු සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීමේ කාර්යභාර්යයට අපි දැන් අවතීරණ වෙලා තිබෙනවා. ඊයේ දිනයේදී යම්කිසි ආකාරයක සුබදායි ප්‍රතිචාරයක් විපක්ෂය විසින් අපිට ලැබිලා තිබෙනවා. ජාතික සභාව පිහිටිම සම්බන්ධයෙන්. මේ තුළින් අපි සියලුම පක්ෂ ඒකරාශි කරගෙන මේ රටේ ජනතාව මුහුණ දෙන මේ ආර්ථික ගැටලුවට පක්ෂ පාඨ භේදයකින් තොරව අපි හැමෝම ඒ පිළිබඳව වගකීමක් දරණ දේශපාලන නායකයින් හැටියට අපි ඉදිරි කාලසීමාව තුළ ජාතික සභාවක් පිහිටවලා රටේ ජනතාව දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සේවීමට අපි උත්සහයක් ගන්නට අපි බලාපොරොත්තු වෙනවා. මේ වන විට අපේ රටේ භාණ්ඩවල උද්දමනය ඉතාමත් ඉහළට ගිහින් තිබෙනවා. ඒ වගේම විශාල වශයෙන් තිබෙන ප්‍රවෘත්තියක් තමයි අපේ දුවා දරුවන් මන්ද පෝෂණයෙන් පෙලෙන එක. මේ වන විට ජනාධිපතිරයාගේ උපදෙස් මත ග්‍රාමීය ආහාර සුරක්ෂිතතා සහ පෝෂණය වැඩිදියුණු කිරීමේ කමිටු මේ ආරම්භ කරලා තිබෙනවා. ඒ තුළින් දුවා දරුවන් ගේ මංදපෝෂණ තත්වයට යම්කිසි ආකාරයට උත්තර සොයන්න පුළුවන් සහනදායි වැඩසටහනක් අපි ආරම්භ කරන්න ඉතාමත් නුදුරේදීම කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඉතාමත් කඩිනමින් සියලුම රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය නොවන සංවිධාන, ව්‍යාපාරකයින් මේ සියලුදෙනාම ඒකරාශි කරගෙන මේ මන්දපෝෂණ තත්වයෙන් පෙලෙන දුවා දරුවන් මුදවා ගැනීමට කටයුතු කිරීමට සැලසුම් කරනවා. මගේ පුද්ගලික මතය සහ රජයේ මතය වියයුත්තේ ආගමික සිද්ධස්ථානවලට යම්කිසි සහනදායි වැඩපිළිවෙළක් අපි ලබා දිය යුතුයැයි. ආගමික ස්ථාවල විදුලිබිල ඉතාමත් වැඩිවෙලා තිබෙනවා. ඒ වෙනුවෙන් සුර්යපැනල ලබාදීම සම්බන්ධයෙන් විදුලිබල ඇමැති ප්‍රකාශ කරලා තිබෙනවා. ‍සූර්ය පැනල ලබාදීමට යම්කිසි කාලයක් ගතවෙනවානම් සියලුම ආගමික සිද්ධස්ථාන සඳහා අනිවාර්ය සහනාධාරයක් ලබාදිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා.”යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කලේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *