27 April 2024
#Uncategorised

මේ ගෙන්වන සහල් රටවල පරිභෝජනය කරන සහල් – රාජ්‍ය අමාත්‍ය සිරිපාල

පිටරටින් ගෙන්වනු ලබන සහල්, පරිභෝජනයට සුදුසු සහල් බවත් විදේශීය රටවල පරිභෝජනය, නිෂ්පාදනය, සිදුවේනම් එම සහල් පරිභෝජනයට හිතකර බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා, “අද අපි ආර්ථික අර්බුදයකින් මේ රට ප්‍රශ්න රාශියකට මුහුණ දිලා තිබෙන අවස්ථාවක්. දේශපාලන වශයෙන් යම් ස්ථාවරභාවයක් ඇතිවෙමින් පවතින අවස්ථාවක තමයි අපි එකින් එක මේ ප්‍රශ්වලට මුහුණදිලා ඒ ප්‍රශ්න නිරාකරණය ගෙන යන්නේ. මෙයට හේතුව තමයි කොවිඩ් වසංගතයත් එක්ක අපේ රටේ තිබුණු ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. ඒ වගේම රටේ ඇතිවුණ තත්වයත් එක්ක අපේ ආදායම් මාර්ග වන සංචාරක කර්මාන්තය , ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම් අහිමිවි ගියා.මේ ගැටලුත් එක්ක අපිට ලැබෙන ආදායම ක්‍රමක්‍රමයෙන් අඩුවීමේ ප්‍රතිපලයත් එක්ක අපිට සංචිත අඩු වුණා. පිටරටින් ගෙන්වන ද්‍රව්‍ය, තෙල් ටික, ‍පොහොර , ගෑස් ටිකේ යම් ප්‍රශ්නයක් ඇති වුණා. දැන් මේවා නිරාකරණය කරගනිමින් උත්තර හොයමින් විශාල වශයෙන් මේ ප්‍රශ්න අද නිරාකරණය කරන අවස්ථාවක තමයි අපි ඉන්නේ. අපි බලාපොරොත්තු වෙනවා තව මාස කිහිපයකින් පසු මේ තත්වය රටින් සමනය වෙලා අපේ වියදම් අඩුවෙලා ආදායම වැඩි කරගන්න කටයුතු කරනවා. මේ සඳහා ආදායම් ගන්න සියලු අංශ අපි ගැන හොයලා බලලා කටයුතු කිරීමත් එක්ක අපිට මේ වියදම් අවම කරගන්න හැකියාව ලැබෙයි කියලා හිතනවා. ඒ නිසා අපි ආර්ථික වශයෙන් ශක්තිමත් වීම ඉතාම ඉක්මණින් කරගත හැකි බව මගේ විශ්වාසය. මේ ගෙන්වන සහල් රටවල පරිභෝජනය කරන සහල් තමයි ගෙන්වලා තිබෙන්නේ. මම දකින්නේ පිටරටින් ගෙන්වන මේ සහල් පරිභෝජනයට සුදුසු සහලක් විදිහට. වෙන රටවල පරිභෝජනය කරනවානම්, නිෂ්පාදනය කරනවානම් මම හිතනවා පරිභෝජනයට හිතකරයි කියලා. රජය මේ වන විට මුදල් අර්බුදයක ඉන්නවා. හැබැයි ගොවියෝ වී ටික විකුණ ගන්න බෑ කියන එකක් ගැන කතා වෙලා නෑ. කතා කරලා තිබෙන්නේ යම් මිල අඩුවීමක් ගැනයි. ප්‍රමිතියට නැති වී වලට සහතික මිලක් දිය නොහැකි වුවත් ප්‍රමිතියට දෙන වී වලට රජයේ සහතික මිල ලැබෙනවා කියන එක තමයි මම විශ්වාස කරන්නේ. ”යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *