මන්නාරම ප්‍රදේශයේ ජනතාව වෙත සැපයෙන සෞඛ්‍ය සේවා සහ පහසුකම් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් ඉන්දීය රජයේ ප්‍රදානයක් යටතේ, රුපියල් මිලියන 600ක වියදමින් ඉදිකිරීමට නියමිත මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අද (16) පෙරවරුවේ එක්වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි. සියලු නවීන පහසුකම්වලින් සමන්විතව ඉදිවන මෙම නව ඒකකය හරහා මන්නාරම ජනතාවට කොළඹ ඇතුළු ප්‍රධාන නගර කරා ගමන් කිරීමකින් තොරව හදිසි අනතුරු ප්‍රතිකාර සහ අනෙකුත් විශේෂඥ සෞඛ්‍ය සේවා ලබා ගැනීමට පහසුකම් සැලසෙනු ඇත.
මෙම ව්‍යාපෘතිය මෙරට නිදහස් සෞඛ්‍ය සේවා ප්‍රාදේශීය මට්ටමින් තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙස අගයමින්, ඊට දායකත්වය ලබා දුන් ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා ඇතුළු එම රජයටත්, අනෙකුත් සියලු පාර්ශ්ව වෙතත් මෙහිදී කෘතඥතාව පළ කර තිබේ. කලාපීය සෞඛ්‍ය සේවා මට්ටම ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය හරහා ප්‍රදේශයේ ජනතාවගේ වෛද්‍ය අවශ්‍යතා සපුරාලීමට විශාල රුකුලක් ලැබෙනු ඇත.














