රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට එරෙහිව දැනට ක්‍රියාත්මක කර ඇති රැඳවුම් නියෝගය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරන ලෙස ඉල්ලමින් ඔහුගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.
සුරේෂ් සලේ මහතා රඳවා තබා ගැනීමට අදාළ මහේස්ත්‍රාත් අධිකරණ ක්‍රියාවලිය පසුගිය මැයි මස 20 වැනි දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ බව මනෝරි සලේ මහත්මිය එම ලිපිය මඟින් පෙන්වා දෙයි. එහිදී අදාළ නඩු කටයුතු අතරතුර ගරු අධිකරණ නියෝග පරිදි සකස් කරන ලද නිල අධිකරණ වෛද්‍ය නිලධාරී (JMO) වාර්තාව ද අධිකරණය වෙත ලැබී තිබුණි.
අදාළ වෛද්‍ය වාර්තාවේ අන්තර්ගත නිගමන මඟින් තම ස්වාමිපුරුෂයා රැඳවුම් භාරයේ පසුවන කාලසීමාව තුළදී දැඩි ශාරීරික හා මානසික පීඩාවන්ට ලක්ව ඇති බවට අධිකරණය හමුවේ දිගින් දිගටම ප්‍රකාශ කළ කරුණු වෛද්‍ය විද්‍යාත්මකව සනාථ වී ඇති බව මනෝරි සලේ මහත්මිය මෙම ලිපිය මඟින් ජනාධිපතිවරයා වෙත වැඩිදුරටත් අවධාරණය කර සිටියි. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහුට සාධාරණය ඉටු කරන ලෙස ඇය ඉල්ලා සිටී.















