දිව්වා සුළි කුණාටු ව්‍යසනයෙන් විපතට පත් වූ මෙරට ජනතාව නැවත පදිංචි කරවීම සහ ඔවුන්ට සහන සැලසීම වෙනුවෙන් රජය විසින් පිහිටුවා ඇති ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් ලක්ෂ 10ක (මිලියනයක) මුදලක් පරිත්‍යාග කිරීමට පරන්තන් කෙමිකල්ස් කම්පැනි ලිමිටඩ් (Paranthan Chemicals Company Ltd) ආයතනය පියවර ගෙන තිබේ.
පරන්තන් කෙමිකල්ස් ආයතනයේ සභාපති සදානන්දන් නේසරාජන් (Sathananthan Nesarajan) මහතා විසින් අද (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ඊට අදාළ නිල මුදල් චෙක්පත ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත නිල වශයෙන් පිරිනමනු ලැබීය.
රටේ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වයකදී රාජ්‍ය ආයතනයක් ලෙස ජනතාව වෙනුවෙන් වගකීම් ඉටුකිරීමේ අරමුණින් සිදුකළ මෙම සුවිශේෂී පරිත්‍යාග අවස්ථාව සඳහා පරන්තන් කෙමිකල්ස් ආයතනයේ සහකාර සාමාන්‍යාධිකාරි (මූල්‍ය) එස්. එන්. කේ. ගුණසේකර සහ අතිරේක සාමාන්‍යාධිකාරි මොහොමඩ් දිල්ෂාන් සාදීන් යන මහත්වරු ද සක්‍රීයව එක්ව සිටියහ.















