• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

සදාහරිත සේවකයින් රැසක් SLIM උපාධි ප්‍රධානෝත්සවයේදී අලෙවිකරණ වෘත්තිකයින්

10 June 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය වාණිජ වන වගා සමාගම වන සදාහරිත වැවිලි සමාගමේ කාර්ය මණ්ඩලයේ 40 ක පිරිසක් ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) උපාධි ප්‍රදානෝත්සවයේදී වෘත්තීය අලෙවිකරණ සුදුසුකම් හිමිකර ගත්තේය.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ අතර මෙම උපාධි ප්‍රදානෝත්සවය SLIM ආයතනයේ නිලධාරීන්ගේද සහභාගිත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

මෙම උත්කර්ෂවත් අවස්ථාවේ දී සදාහරිත සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ප්‍රදීප් එඩ්වඩ් මහතා SLIM ආයතනයේ හී යාවජීව (Fellow Life Member of SLIM) සාමාජිකයෙකු වශයෙන් පිදුම් ලැබීය. එලෙසම මේ වන විට සදාහරිත සමාගමේ 100කට ආසන්න සේවක පිරිසක් ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනේ (SLIM) වෘත්තීය සුදුසුකම් ලබා ඇති අතර මෙවර උපාධි ප්‍රධානෝත්සවයේදී වෘත්තීය සුදුසුකම් හිමිකර ගත් වැඩිම සේවක පිරිස හිමි සමාගම ලෙසද ඔවුන් කැපී පෙනුණි.

මෙම උපාධි ප්‍රධානෝත්සවයේදී ජාතියට සහ අලෙවිකරණ ක්‍ෂේත්‍රය වෙනුවෙන් කරන ලද සේවය වෙනුවෙන් සදාහරිත සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ප්‍රදීප් එඩ්වඩ් මහතා SLIM ආයතනයෙ හි යාවජීව (Fellow Life Member of SLIM) සාමාජිකයෙකු වශයෙන් පිදුම් ලැබීම සදාහරිත සමාගමට විශාල කීර්තියක් ගෙන දේ. විශේෂයෙන්ම ඒ මහතා SLIM හි සභාපතිවරයෙකු ලෙසත් ආසියා අලෙවිකරණ සම්මේලනයේ මහලේකම් ලෙසත් කටයුතු කර තිබේ. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපති වශයෙන් ඔහුගේ නායකත්වය යටතේ SLIM ආයතනය සඳහා වූ ඉහළම මූල්‍ය කාර්ය සාධනයක් අත්කර ගෙන ඇත්තේ, බදු වර්ධන අනුපාතයට පෙර මෙතෙක් ලබා ඇති ඉහළම ලාභය 117% ක් සහ ආදායම් වර්ධනය 20% ක් ලෙසින් වාර්ථා කරමිණි. එසේම Gold at CA Annual Report Awards / Business Excellence Awards / SAFA Merit Award for Annual Report in India වැනි ජාතික සහ ජාත්‍යන්තර සම්මාන රැසකින්ද එතුමා පිදුම් ලබා තිබේ. එසේම එතුමන් යටතේ SLIM ආයතනය ප්‍රථම වරට Great Managers Awards සම්මානය සහ Great Place to Work සම්මානයද හිමිකර ගත්තේය.

සදාහරිත සමූහ ව්‍යාපාරයේ සභාපති සතිස් නවරත්න මහතා සිය සමාගමේ සේවකයින් වෘත්තීය හැකියාවන් සහ සුදුසුකම් ඉහළ නැංවීම පිළිබඳව අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය. “අපගේ විකුණුම් ප්‍රවර්ධන නිලධාරීන්ට පවා ආයතනික ව්‍යුහය තුළ වේගයෙන් ඉදිරියට පැමිණීමේ අවස්තාව හිමි වෙනවා. විශේෂයෙන්ම විශිෂ්ඨ කාර්ය සාධනයක් පෙන්නුම් කරන සේවකයින්ට කනිෂ්ඨ විධායක තනතුරු වල සිට ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මට්ටමේ සාමාන්‍යධිකාරී තනතුරු දක්වා පැමිණීමේ අවස්ථාව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය වෘත්තීය සුදුසුකම් සපුරා ගැනීමට ඔවුන්ට සහාය වීමට හැකි වීම පිළිබඳව ම බෙහෙවින්ම සතුටට පත් වනවා.”

එලෙසම මේ පිළිබඳව සදාහරිත සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රදීප් එඩ්වර්ඩ් මහතා මෙසේ අදහස් පල කළේය.“ අපගේ කාර්ය මණ්ඩලයේ වෘත්තීය ජීවිතය උසස් මට්ටමකට ගෙන ඒම සඳහා අවශ්‍ය කරුණු වලදී අප සමාගමක් ලෙස අපගේ ප්‍රජාවට අවශ්‍ය සහය ලබා දීමට කැපවී සිටිනවා. විශේෂයෙන්ම SLIM ආයතනය සමඟ ඇති අවබෝධතා ගිවිසුමකට අනුව වසර ගණනාවක් පුරා අපගේ කාර්යමණ්ඩලයට SLIM උපාධි පාඨමාලා ඇතුළු විකුණුම් හා අලෙවිකරණ පාඨමාලා ප්‍රධානය කෙරෙනවා. එහිදී පාඨලාවන් සඳහා වන මුළු පිරිවැයම හෝ කොටසක් ආයතනය මගින් පිරිනැමෙනවා. මේ හරහා අපගේ කණ්ඩායමේ ශක්‍යතාවයන් ඉහළ නැංවීමට අපට හැකි වීම පිළිබඳව බෙහෙවින්ම සතුටු වනවා.”

සදාහරිත සමාගමේ අලෙවි හා විකිණුම් අධ්‍යක්ෂ ජයම්පති මිරැන්ඩෝ මහතා මෙහිදී අදහස් දක්වමින් ” අපගේ කාර්යමණ්ඩලයට සිය වෘත්තීය ජීවිතය සාර්ථකව ගොඩ නාග ගැනීමට ආයතනය ලබාදෙන මෙම සහය ආයතනයේ සාර්ථක ඉදිරි ගමන් මගට විශාල ශක්තියක් බවට පත්වනවා. අපගේ සියලුම කාර්ය මණ්ඩලය වෘත්තීය සුදුසුකම්වලින් ඉහළට ඔසවා තැබීමට අප නිරන්තරයෙන්ම කැපවී සිටිනවා” යැයි පැවසිය.

එලෙසම ආයතනයේ සාමාන්‍යධිකාරී පුහුණු හා සංවර්ධන, නිරෝෂන් මානවඩු මහතා ද මෙලෙස අදහස් දැක්විය.” මේවන විට අපගේ කාර්යමණ්ඩලයේ 20කට අධික පිරිසක් SLIM ජාතික ඩිප්ලෝමා හිමිකර ගෙන ඇති අතර 200කට අසන්න පිරිසක් SLIM වෘත්තීය අලෙවිකරණ සහතික පත්‍ර පාඨමාලාව සඳහා යොමු කරවමින් ඔවුන්ගේ වෘත්තීය ජිවිතයට ආලෝකයක් ගෙන ඒමට කටයුතු කර තිබෙනවා. මෙලෙස අපගේ කාර්ය මණ්ඩලය වෘත්තීය සුදුසුකම් සපුරා ගනිමින් ඉදිරියට ගමන් කිරීම අපගේ සියලුම පාර්ශවකරුවන්ට විශාල සහයක් සහ ශක්තියක් බවට පත්වනවා. සමාගමක් ලෙස අප ඒ පිළිබඳව සැබවින්ම සතුටට පත් වනවා.”

 

 

Post Views: 12
Previous Post

සමාජ මාධ්‍යයේදී සිදු කරන අනියම් තර්ජනය පිළිකුල් සහගතව හෙළා දකිනවා – අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය

Next Post

ලබන 14 වැනිදා අලුයම 4 ට සංචරණ සීමා ඉවතට – යුධ හමුදාපති

editor

editor

Next Post

ලබන 14 වැනිදා අලුයම 4 ට සංචරණ සීමා ඉවතට - යුධ හමුදාපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved