• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අලියාන්ස් වාර්ෂික සම්මාන උළෙලේදී විශිෂ්ටයෝ රැසක් ඇගයීමට ලක්වෙති

10 July 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් මෙන්ම ලොව දැවැන්ත රක්ෂණ සමූහයක් වන Allianz SE හි සාමාජිකයෙකු වන අලියාන්ස් ලංකා සමාගමේ වාර්ෂික සම්මාන උළෙල 2023 ජූනි 27 දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

මෙම සම්මාන උළෙලට 700 කට අධික පිරිසක් සහභාගී වූ අතර, අලියාන්ස් ලංකා සමාගමේ සාමාජික සාමාජිකාවන් 150 කට අධික පිරිසක් මෙහිදී සම්මානවලින් පිදුම් ලැබූහ.

අලියාන්ස් ලංකා සමාගමේ ජීවිත රක්ෂණ සහ සාමාන්‍ය රක්ෂණ අංශවල ඉහළම දක්ෂතා පෙන්නුම් කරමින්, මෙරට රක්ෂණ ක්ෂේත්‍රය තුළ අලියාන්ස් ලංකා සමාගමට හිමි වී ඇති ස්ථානය තවදුරටත් තහවුරු කිරීම සඳහා දායක වූ විශිෂ්ටයන් ඇගයීමට ලක් කිරීම මෙම සම්මාන උළෙලෙහි මූලික අරමුණ විය.

උත්සවයේ ප්රධාන ආරාධිතයන් ලෙස Allianz SE හි කළමනාකරණ මණ්ඩලයේ සාමාජික රෙනාටේ වැග්නර්, Allianz Asia Pacific හි කලාපීය ප්‍රධාන විධායක නිලධාරිනී අනුෂා තවරාජා සහ එහි කලාපීය ප්‍රධාන මානව සම්පත් නිලධාරිනී මෙලනී ගිලි යන ශ්රේෂ්ඨවරියන්, අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ ගෝලීය හා කලාපීය මෙහෙයුම් නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගී වූහ. මෙය අලියාන්ස් ලංකා සමාගමට අලියාන්ස් සමූහයේ කලාපීය ව්‍යාපාර කටයුතු තුළ ප්‍රමුඛ ස්ථානයක් හිමි වී ඇති බව මෙන්ම, මානව සම්පත් සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය කරමින් තම සාමාජික සාමාජිකාවන්ගේ දක්ෂතා ඇගයීම සඳහා අලියාන්ස් සමූහය විශාල උනන්දුවක් දක්වන බව නැවත වරක් තහවුරු කළ සාධකයක් විය.

අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සහ මෙරට ප්‍රධාන කළමනාකරු ඇලන් ස්මී මහතා සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජයලාල් හේවාවසම් මහතා ද සමාගමේ විශිෂ්ට සාමාජික සාමාජිකාවන් ඇගයීමට මෙම ප්රදානෝත්සවයට සහභාගී වූහ.

“අලියාන්ස් ලංකා සමාගම මෙතරම් දැවැන්ත සාර්ථකත්වයක් අත්කර ගැනීමට සමත් වී ඇත්තේ මේ සම්මානලාභී විශිෂ්ටයන්ගේ උනන්දුව හා කැපවීම නිසයි. පීඩනය අභියෝගයක් ලෙස භාරගනිමින්, එය වර්ධනය හා සාර්ථකත්වය කරා යාමට උත්තේජනයක් බවට පත්කර ගැනීමට ඔවුන් සමත් වී තිබෙනවා. ඔවුන් මේ ලැබූ ජයග්‍රහණ, සීමා මායිම් ඉක්මවා යමින් විශිෂ්ටත්වය ළඟා කර ගැනීම අප සැවොම දිරිගන්වන සුලුයි. ඒ වෙනුවෙන් ඔවුන්ට උණුසුම් සුබපැතුම් පිරිනමන අතරම, තමන් ලබාදුන් මේ ආදර්ශය ඔස්සේ පෙරට පැමිණීමට අන් අයද දිරිගන්වන මෙන් මා ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා. අලියාන්ස් ලංකා සමාගම ක්ෂේත්‍රයේ කැපීපෙනෙන බලවේගයක් බවට පත්කරනු ලබන්නේ ඔවුන් විසිනුයි.” අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සහ මෙරට ප්‍රධාන කළමනාකරු ඇලන් ස්මී මහතා පැවසී ය.

සම්මානවලට අමතරව ජයග්‍රාහකයන්ට මුදල් ත්‍යාග, විදේශ සංචාර, දේශීය සංචාර සහ සමරු ඵලක ඇතුළු ත්‍යාග රැසක්ද හිමි විය. සම්මාන උළෙලේ ප්‍රධානතම සම්මාන අතරින් එකක් වූ ‘Champion of Champions’ සම්මානය මෙවර දිනාගන්නා ලද්දේ ඩබ්ලිව්. නිහාල් ෂෙරිඩන් විසිනි. විශිෂ්ටයන් අතර ඉහළම දක්ෂතා පෙන්නුම් කරන අතිවිශිෂ්ටයන් වෙනුවෙන් මෙම සම්මානය පිරිනැමේ. සුවිශේෂී නායකත්ව කුසලතා පෙන්නුම් කරමින් සමාගමේ වර්ධනයට හා සාර්ථකත්වයට කැපීපෙනෙන දායකත්වයක් දක්වන සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් පිරිනමන “CEO’s Award’ මෙවර උදාර ගින්තොට වෙත හිමි විය. දූරදර්ශී ප්‍රවේශයක් ඔස්සේ රාජකාරිය වෙනුවෙන් කැපවෙමින් ඔහු අලියාන්ස් ලංකා සමාගමේ සාමාන්‍ය රක්ෂණ අංශයෙහි සාර්ථකත්වයේ නව මානයක් වෙත රැගෙන යාමට පුරෝගාමී මෙහෙවරක් ඉටුකර තිබේ.

“මෙම සම්මාන උළෙල අපගේ වාර්ෂික වැඩසටහන් අතර ඉතාමත් වැදගත් වැඩසටහනක්. අභියෝගවලට ශක්තිමත් ලෙස මුහුණ දෙමින්, සීමාවන් බිඳහෙළමින්, සාර්ථකත්වය අලුතින් අර්ථදැක්වීමට සමත් වූ විශිෂ්ටයන් පිරිසක් අද දිනයේදී ඇගයීමට ලක්වුණා. ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදීමට කැපවීම පිළිබඳව ඔවුන් සැමදෙනාටම මගේ ස්තූතිය පිරිනැමීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා. ආරම්භයේ සිට මේ දක්වා මෙතරම් වර්ධනයක් අත්පත් කරගැනීමට හැකිවීම අප සැබැවින්ම දිරිගන්වන සුලුයි. මේ ජයග්‍රාහී ප්‍රවණතාව ඔස්සේ අපට අඛණ්ඩව දියුණුවෙන් දියුණුව කරා ගමන් කළ හැකි බවට සැකයක් නැහැ.” අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ජයලාල් හේවාවසම් මහතා පැවසී ය.

අලියාන්ස් ලංකා සමාගමේ ජනප්‍රියතම වාර්ෂික වැඩසටහනක් වන අලියාන්ස් වාර්ෂික සම්මාන උළෙල, එම සමාගමේ සාමාජික සාමාජිකාවන්ගේ දක්ෂතා ඇගයීමට ලක්කිරීමට මෙන්ම, සමාගම සමග අත්වැල් බැඳගෙන සිටින සියලුම දෙනා දිරිගැන්වීමට ලැබෙන අගනා අවස්ථාවකි.

අලියාන්ස් ලංකා ලෙස පොදුවේ හඳුන්වනු ලබන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Insurance Lanka Ltd.) සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Life Insurance Lanka Ltd.), ජාත්‍යන්තර Allianz SE හි පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගම් ලෙස ක්‍රියාත්මක වේ. ප්‍රධාන වශයෙන් රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ක්ෂේත්‍ර වල ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සමූහ ව්‍යාපාරයක් වන Allianz SE හි ප්‍රධාන කාර්යාලය ජර්මනියේ මියුනික් නගරයේ පිහිටා ඇත. ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ ශක්තිය සහ, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අලියාන්ස් ලංකා සමාගම සතු දැනුම හා පළපුරුද්ද එක්තැන් වීම, අලියාන්ස් සමාගමට ශ්‍රී ලංකාව තුළ මෙබඳු සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට මහෝපකාරී වී තිබේ.

 

පිටපත – PR

 

Post Views: 5
Previous Post

සේවා දිගුවලින් තවදුරටත් පොලිස්පති ධුරයේ රැඳී ඉන්න ලැජ්ජා නැද්ද? – මන්ත්‍රී නිමල්

Next Post

වාඩිගල ගමත් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මානයක් ලෙස සංවර්ධනය කටයුතු ආරම්භ කෙරේ

editor

editor

Next Post

වාඩිගල ගමත් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මානයක් ලෙස සංවර්ධනය කටයුතු ආරම්භ කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025

Recent News

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved